දිවයින වටා මුහුදේ ධීවර කටයුතුවල නොයෙදෙන්න

දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ ධීවර කටයුතුවල නොයෙදෙන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 22-05-2021 | 4:42 PM
හෙට (23) සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත. එසේම ඉදිරි දිනයේ දී, නිරිත දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි අතිවිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කරයි.