by Sagarika Chathumali 22-05-2021 | 8:02 PM
COLOMBO (NEWS1ST) : තවත් සතියක කාලයක් සඳහා තමිල්නාඩුව වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.
ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් සතියක කාලයක් සඳහා වන ප්‍රාන්තය වසා දැමීමේ තීරණය හෙට (23) සිට බලාත්මක වන බවයි.
මීට පෙර පනවා තිබූ Lockdown කාල සීමාව ලබන 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණ.
ප්‍රාන්ත වැසියන් තවත් සතියක කාලයක් සඳහා නිවෙස් තුළටම සීමා කර තැබීමේ මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රාන්තයෙන් තවදුරටත් ඉහළ ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙනි.
ඊයේ (21) තමිල්නාඩුවෙන් නව කොරෝනා මරණ 467 ක් වාර්තා වී ඇති අතර පසුගිය පැය 24 තුළ අලුතින් රෝගීන් 36,184 දෙනෙකු වාර්තා වී ඇති බව ද සඳහන් ය.
ප්රනාතය වසා දැමෙන ඉදිරි සතියේ ද සියලුම වෙළඳසැල් වසා තබන ලෙසට නියෝග කර ඇති අතර ජංගම රථ මගින් ජනතාවට අවශ්‍ය කරන එළවළු සහ පලතුරු බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ඇති.
නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස බැංකු සහ අනෙකුත් පෞද්ගලික ආයතන වෙත දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් සුපුරුදුපරිදි සෞඛය, අත්‍යාවශ්‍ය ආහාර සැපයීම වැනි කාර්යයන්හි නිරත පුද්ගලයින්ට සිය කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාමේ අවස්ථාව හිමි ය.
මේ අතර අසල්වැසි කර්නාටක ප්‍රාන්තය ලබන ජුනි 7 වනදා දක්වා ද , කේරළය එළඹෙන 30 වනදා දක්වා ද වසා දැමීමේ කාලය දීර්ඝ කිරීමට ඊයේ තීරණය කළේ ය.
මේ දක්වා තමිල්ඩුවෙන් ද කොරෝනා ආසාදිතයින් 2,74,629 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර බහුතරයක් ප්‍රාන්ත Lockdown කිරීමේ ක්‍රියා මාර්ගයට පිවිස සිටින්නේ, කොවිඩ් 19 වෛරස ව්‍යාප්තවීමේ චක්‍රය ඛණ්ඩනය කිරීමේ අරමුණිනි.
ඉන්දියාවේ තරුණ ප්රජාවද ගොදුරු බවට පත් කර ගනිමින් මේ වනවිට B.1.617.2 කොවිඩ් වෛරස ප්‍රබේදය ආක්රමණශීලිව ව්‍යාප්ත වෙමින් පවතින අතර වෛරසය ආසාදනය වී ඇති සමස්ත ඉන්දීයානුවන් සංඛ්‍යාව දෙකෝටි හැටතුන් ලක්ෂයකට ආසන්න වෙමින් තිබේ.