තවත් කොරෝනා මරණ 44ක්..

තවත් කොරෝනා මරණ 44ක්..

තවත් කොරෝනා මරණ 44ක්..

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2021 | 6:30 am

COLOMBO (News 1st): ඊයේ (21) දිනයේ මෙරටින් කොරෝනා මරණ 44ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ යනු ඇති.

ගෙවුණු දිනයේ මරණ වාර්තා වී ඇත්තේ, ඇටවීගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදූව,මග්ගොන, මතුගම, වේයන්ගොඩ ,අතුරුගිය , සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වළල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ – 2,පොල්ගස්ඕවිට, ගාල්ල, නාක්කවත්ත, රාගම, පන්නිපිටිය, නාරංගොඩ, හෝමාගම, ගනේපොළ, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල සහ බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශ 42 දෙකෙනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුව සඳහන් කරන්නේ, මරණකරුවන් අතර වයස 71 ඉක්මවූවන්, 23 දෙනෙකු, අවුරුදු 61 – 70 ත් අතර 11 දෙනෙකු, අවුුරුදු 51- 60 ත් අතර 7 දෙනෙකු , වයස අවුරුදු 31 – 40 ත් අතර 2 දෙනෙකු සහ අවුරුදු 21 – 30 ත් අතර එක් අයෙකු ද වන බවයි.

මේ අතර මියගිය පිරිස අතරින් 30 දෙනෙකු ම පිරිමි පුද්ගලයින් ය.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]