by Staff writer 21-05-2021 | 9:05 PM
COLOMBO (News1st ) - අද(21) රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවීමට තීරණ රැසකට එළැඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි දැක්වෙන්නේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළ බවය.
ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙරදින භාණ්ඩ ප්‍රවාහනයට අවසර දීම, කෘෂිකාර්මික කටයුතු , සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.
එහිදී උපදෙස් දී ඇත්තේ PCR පරීක්ෂණ සිදු කරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙසය.
ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කර තිබේ.
මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද ඉදිරියට ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පවසා ඇති ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බවය.
https://youtu.be/q0Umn5ILM1k