COLOMBO (News 1st) - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව අද(21) ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පැවැත්විය.
එහිදී ඔවුන් සියලු දෙනාම අවධාරණය කළේ, අඩුතරමින් දින 14ක්වත් රට වසා දැමිය යුතු බවය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙසේ සඳහන් කළාය.
"අපි සියල්ලම වෛද්‍ය සංගම් 4 ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රි ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව කියන මේ හතරම එකමුතුව එක එකාමෙන් ඉල්ලා සිටිනවා මේ භාරදූර අවස්ථාවේදී අපට මේකට තියන එකම පිළිතුර මේ අවස්ථාවේ අපි සියල්ලම ගෙවල්වලට අඩුම ගානේ දින 14ක් වී සිටීම මගින් පමණයි කියන එක අන්තර් පළාත් සංචරණ සීමා මගින් මේ අවස්ථාවේ රෝගය පාලනය කිරීමට උදව්වක් වේවි කියන එකට අපට බලාපොරොත්තු තබා ගත නොහැකියි දවස් තුනක කර්ෆියු දැමීමකින් මේ රෝගය පාලනය කල නොහැකියි දවස් තුනේ එවා අතර මැද්දේ නිවාඩු දින දීලා තුනේ ඒවා දෙකක් තුනක් දැම්මා වුණත් ඒ අතර මැද දිනයේදී සමාජයේ එළියට ඇවිල්ලා යළි එකතු වෙලා ආපහු යනකොට අපි රෝගය අලුතින් බෝකරලා හමරායි. ඒක නිසා ඒ අතර මැදි දින දීම මගිනුත් මේ දින ටිකේ ඒ ලැබෙන යමක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් අපට රජයේ නිවාඩු දින දීම අනුමත කිරීමට හැකියාවක් නැහැ."