අණ නොතැකූ ටිපර් රථයට STF වෙඩි

යාපනයේදී අණ නොතැකූ වැලි ටිපර් රථයකට STF වෙඩි තබයි

by Staff writer 21-05-2021 | 4:19 PM

COLOMBO (News 1st) : යාපනය, ආරියාලේ ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වැලි පැටවු ටිපර් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය අද උදෑසන වෙඩි තබා තිබේ.

පොලිස් විශේෂ කාර්ය සඳහන් කළේ, රියදුරු අණ නොතකමින් මාර්ග බාධකයේ සිටි නිලධාරීන් ද යටකර යාමට උත්සාහ කළ අවස්ථාවේ ටිපර් රථයේ ටයර්වලට වෙඩි තබා ඇති බවයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර ලොරි රථයේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් වැටලීම අඛණ්ඩව සිදු වන බවයි.