තවත් කොරෝනා  මරණ 38ක්...

තවත් කොරෝනා ආසාදිතයින් 38 ක් ජීවිත ගමනට සමුදෙයි

by Sagarika Chathumali 21-05-2021 | 8:46 AM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 38ක් සිදුව ඇති බවට ඊයේ (20) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ යනු ඇති. එම මරණ වාර්තා වී ඇත්තේ, උඩුකිඳ, ලුණුගල, කටුනායක, බාඳුරුගොඩ,කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බෙරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙළ, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, පොල්ගහවෙළ, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පතතුව හා හබරාදූව යන ප්‍රදේශවලිනි. මේ අතර මෙරටින් කොරෝනා ආසාදිතයින් 3441 දෙනෙකු ඊයේ (20) හඳුනා ගැනිණ.