කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක...

by Sagarika Chathumali 21-05-2021 | 2:11 PM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (20) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 3,443 දෙනෙකු හඳුනා ‌ගෙන තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 02 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 822 යි.(වැඩිම ආසාදිතයින්) ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 674 යි. ⭕ කළුතර දිස්ත්‍රික්කය – 287යි. ⭕ කුරුණෑල දිස්ත්‍රික්කය – 248 යි. ⭕ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 204 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 154, 786 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 30,165 කි. ගෙවුණූ දිනයේ සුවය ලබා පුද්ගලයින් 1165ක් පිටව යාමත් සමග සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 123,532 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ කොවිඩ්-19මරණ 38 වාර්තාවීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 1089 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී තිබුණේ, උඩුකිඳ, ලුණුගල, කටුනායක, බාඳුරුගොඩ,කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බෙරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙළ, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, පොල්ගහවෙළ, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පතතුව හා හබරාදූව යන ප්‍රදේශවලිනි.