by Staff writer 21-05-2021 | 4:35 PM
COLOMBO (News 1st) : අන්තවාදී මත ප්‍රචාරය කිරීම සඳහා පන්ති පැවැත් වූ බව කියන තවත් පුද්ගලයෙකු මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ 29 හැවිරිදි සැකකරු ඕලුවිල් සහ මුර්තු ප්‍රදේශවලදී පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂිම්ගේ අනුගාමිකයෙකු වෙමින් 2018 වසරේ සහ 2019 වසරේදී අන්තවාදී මත පැතිරවීම සඳහා පන්ති පවත්වා ඇති බවයි.
අදාළ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.