සංචරණය සීමා වන කාලයේ මගී දුම්රිය ධාවනය ත් නවතී

සංචරණය සීමා වන කාලයේ මගී දුම්රිය ධාවනය වන්නේ නැහැ

by Staff writer 21-05-2021 | 12:06 PM

COLOMBO (News 1st) : අද (21) මධ්‍යම රාත්‍රියේ සිට 27 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ රට පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙනි. මේ අතර ලංගම බස් සේවාද සංචරණ සීමා පනවා ඇති කාලය තුළ අත්හිටුවීමට තීරණය කර තිබේ.