by Staff writer 20-05-2021 | 9:31 PM
COLOMBO (News1st) : කොවිඩ් වසංගතය පාලනය සඳහා මුළු රටම වසා දැමීම ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිපත්තියක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් මහතා අද (20) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.
අධිපතිවරයා සඳහන් කර සිටියේ, කාරණා 3ක් හේතුවෙන් පළවෙනි දෙවෙනි රැලිවට වඩා දැනට ක්‍රියාත්මක වෙමින් ඇති රැල්ල එතරම් විශාල ආර්ථික බලපෑමක් ඇති නොකරනු ඇති බවටයි.
*තුන්වන රැල්ලේ මෙහයෙවා ගැනීම සඳහා සංචාරණ සීමා පනවන පෙනෙන්නට ලැබෙන්නේ තෝරාගත් ප්‍රදේශවලට ආදාළ වන පරිදි
* ක්‍රියාත්මක කරන එන්නත් වැඩසටහන ක්‍රමයෙන් ඉදිරියට යන බවක් පෙන්නට තිබෙනවා.
*අපේ බොහෝ ආයතන ඉඩකඩ ලැබෙන ආකාරයට ගෙදර සිට වැඩ කරන සංස්කෘතියකට හුරුවුණා.
ඒසේ වුවත් වර්ධන ක්‍රියාවලියට රජයේ ආදයම් වියදම් ක්‍රියාවලියට යම් බාධාවක් ඇතැයි, අපේක්ෂා කරන බව ද මහ බැංකුවේ අධිපතිවරයා පැවසී ය.
මෙහිදී කොවිඩ් වසංගතය පාලනය සඳහා මහ බැංකුව ලබාදෙන උපදෙස කුමක්දැයි, මෙහිදි මාධ්‍යවේදීහු විමසා සිටියහ.
ඊට පිළිතුරු දෙමින් අධිපතිවරයා පැවසුවේ, සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමකින් තොරව ක්‍රියාත්මක කරගත හැකිනම්, හොඳම ක්‍රියාමාර්ගය එය බවයි.
කෙසේ වෙතත් එහි හැකියාව හෝ නොහැකියාව පිළිබඳ ඉදිරි දවස් කිහිපය තුළ සමහරවිට තීරණය විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
https://www.youtube.com/watch?v=HOxtZdvDeIE