COLOMBO (News1st) : ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබද ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානයේ සම්බන්ධීකරණය යටතේ අද කොවිඩ් ආසාදිතයින් වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරිණි.
මෙම වැඩසටහන පැවැත්වුණේ ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබද ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධාන මූලස්ථානයේදීය.
මෙම අවස්ථාවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් ජනරාල් සුදත්ත රණසිංහ මහතා ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.
ඒ-පෑඩ් ආයතනයේ සම්බන්ධීකරණයෙන් පෞද්ගලික ආයතනයක් විසින් රුපියල් මිලියන 8ක වෛද්‍ය උපකරණ මෙහිදී පිරිනැමුවා.
ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂ ෆිර්සාන් හසීම් මහතා
"අපි බලාපොරොත්තු වෙනවා අපට පෞද්ගලික අංශයේ විශාල පිරිසක් ඒකරාශී කරන්න පුළුවන් කියලා. රජය සිටින දුෂ්කර තත්ත්වයෙන් මුදා ගැනීමට. මේක සාමූහික ප්‍රයත්නයක්. අපි උවමනාව ජීවිත බේරාගැනීමයි"