by Staff writer 19-05-2021 | 7:12 PM
කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්ත වීමට කටයුතු කළැයි බැසිල් රාජපක්ෂ සහ උදයංග වීරතුංග යන මහත්වරුන්ට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ගොනු කර තිබේ.
ඒ, ඔවුන්ගේ මැදිහත් වීමෙන් යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම ඇතුළු ක්‍රියා කිහිපයක් හේතුවෙන් කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාව තුළ මෙතරම් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බව පවසමිනි.
නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ මහා පරිමාණ වංචා දූෂණ සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා අද මෙම පෙත්සම ගොනු කළේය.
මහා පරිමාණ වංචා දූෂණ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා
"අද පවතින තත්ත්වය මම දකින අකාරයට කිසියම් ආකාරයකට නිර්මාණයක්ද කියන එක මොකද හේතුව නිර්මාණයක් කියලා කියන්නේ රටේ පවතින ගැටලුකාර ස්වභාවය විශේෂයෙන්ම. රජයේ ආයතන කිසියම් විදිහකට යම් කෙනෙක් ග්‍රහණයට හසු කරගෙන ඒ ග්‍රහණය තුළින් නීතියට අවනත නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය නොකරමින් කටයුතු කරන ස්වභාවයක් දකිනවා. අපේ රටේ මූලික ගැටලුව තමයි මේ දුෂණය වංචා නිසා මේ ආර්ථිකය කඩා වැටුණා අද"
https://youtu.be/vt-NAQGG0ps