සති 03කින් මීට වඩා අතිභයානක තත්ත්වයක්

නිසි පියවර නොගතහොත් සති 03කින් මීට වඩා අතිභයානක තත්ත්වයක් - වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

by Staff writer 19-05-2021 | 6:29 PM

COLOMBO (News 1st) - රට අවදානමකද ? කෝවිඩ් ආසාදිත මරණ 34 ක තොරතුරු ඊයේ(18) මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමගින් මෙරටින් වාර්තා වූ බවට තොරතුරු වාර්තා කළ සමස්ත මරණ සංඛ්‍යාව 1,015ක් විය.

මරණවලට ප්‍රධාන හේතුවක් වන කොවිඩ් නිව්මෝනියා තත්ත්වය වලක්වා ගත නොහැකි ද? ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ මහතා පෙන්වා දුන්නේ බොහෝ රෝගීන් පමා වී රෝහල්ගත වීම ගැටලු සහගත තත්ත්වයක් මතු කර ඇති බවයි. ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා "ඒ සදහා දැනට ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවා නිව්මෝනියාව හැදෙන හැමෝම මැරෙන්නේ නැහැ. වැඩේ තියෙන්නේ රෝගය හැදෙන සංඛ්‍යාව නිව්මෝනියා හැදෙන සංඛ්‍යාවත් එක්ක වැඩියි. ප්‍රතිකාර කළාට ප්‍රතිකාර සඳහා ඔවුන් එන්නේ ප්‍රමාද වී ඒකත් එක ප්‍රශ්ණයක් මේ මරණ වැඩිවීමට රට අවදානමකද? නිසි පියවර නොගතහොත් තවත් මසකින් නැතහොත් තවත් සතු තුනක් පමණ වනවිට මීට වඩා භයානක තත්ත්වයක් ඇති විය හැකි බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද මහතා අනතුරු අගවයි. "අපිට මේක ලංකාවේ තවත් තදින් වැඩිවිය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ ඒ නිසා මේ අවස්ථාවේදී මේ තත්ත්වය මර්දනය කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම ගන්න අවශ්‍යයයි. තව මාසෙකින් නැත්තම් තව සති තුනකින් මීට වඩා අතිභයානක තත්ත්වයක් දකින්න පුළුවන් වෙනවා මේ අවස්ථාවේදී අපි මේ පියවරවල් ගත්තේ නැත්තම්.-- ගැබිණි මව්වරුන්ගේ තත්ත්වය කුමක්ද? මේ අතර, පවතින කොවිඩ් තත්ත්වය ගැබිණි මව්වරුන්ට බලපෑමක් එල්ල කරණු ඇද්දැයි කළ විමසීමක දී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසූවේ මේ අවස්ථාවේ ගැබිණි මව්වරුන් රැකගත යුතු කණ්ඩායමක් ලෙස හඳුනාගෙන ඇති බවය. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය "අපට අද වෙනකොට වාර්තා වෙලා තියනවා ගර්භනී මව්වරුන් 5 දෙනෙක් කොවීඩ් අසාදනය නිසා මිය ගිහිල්ලා තියෙනවා මේ කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමග. මේ සතියේ මේ ගැන සාකච්ඡා කළා මේ සතියේ තිබුණ උපදේශක කමිටුවේදී කමිටු සමාජිකයින් එකඟවුණා ආරක්ෂා කළ යුතු විශේෂ කණ්ඩායමක් ලෙස ගර්භනී මව්වරුන්. ගර්භනී මව්වරුන්ට එන්නත ලබා දීම සුදුසු බව තාක්ෂණික මණ්ඩලය තීරණය කළා. එහි කටයුතු සම්පාදනය කරන්න කුඩා කමිටුවක් පත් කරමින් යනවා"