නිදහසේ පරමාදර්ශයන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි

"නිදහසේ පරමාදර්ශයන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි.."- ලංකා සභාවේ රදගුරුවරුන්

by Staff writer 19-05-2021 | 7:18 PM
නිදහසේ පරමාදර්ශයන් වෙනුවෙන් නැගී සිටීමේ වගකීමට සියලු ශ්‍රී ලාංකිකයින් බැඳී සිටිය යුතු බව ලංකා සභාවේ රදගුරුවරුන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ලංකා සභාව එම පණිවුඩය නිකුත් කර තිබෙන්නේ විජයග්‍රහණයේ 12 වැනි සමරුව නිමිත්තෙනි. ගැටළුවට විසඳුම ප්‍රචණ්ඩත්වය නොවේ. ඒ නිසා සාමය, යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනයට කැපවිය යුතු බව ලංකා සභාවේ සභාපති ගරු කීර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් සහ කොළඹ රදගුරු ගරු දුෂාන්ත රොද්‍රිගූ හිමිපාණන් විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් .