ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව

by Sagarika Chathumali 19-05-2021 | 9:00 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (18) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2518 දෙනෙකු හඳුනා ‌ගෙන තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ. ⭕ කළුතර දිස්ත්‍රික්කය – 391 යි.(වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 350 යි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 333යි. ⭕අනුරාධපුර දිස්ත්‍රික්කය –179 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 147,720ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,560කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 121,145ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 34 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව1015 ක් දක්වා ඉහළ ගියේ ය.

වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ විස්තර සහිත නිවේදනය පහතින්…