වරාය නගර කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය අද ඇරඹේ

වරාය නගර කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය අද ඇරඹේ

by Staff writer 19-05-2021 | 8:06 AM

COLOMBO (News 1st) : කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වේ.

එය හෙට (20) දිනයේත් පැවැත්වෙනු ඇති. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරිණ. එම නිගමනයට අනුව පනත් කෙටුම්පතේ වගන්ති 25 ක් ව්‍යවස්ථාවට පටහැනියි. වගන්ති 9 ක් ඒ ආකාරයෙන්ම සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණ. ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ඒවා සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය. මේ අතර ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කිරීමට තීරණය කළේ ය.