පවතින තත්ත්වය යටතේ තැපෑල ත් ප්‍රමාදයි..

පවතින තත්ත්වය යටතේ තැපෑල ත් ප්‍රමාදයි..

by Staff writer 19-05-2021 | 8:19 AM

COLOMBO (News 1st) : පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග ඇතිව තිබෙන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් තැපැල් බෙදා හැරීමේ ප්‍රමාදයක් මතුව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට තැපැල් දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර හා තැපැල් ප්‍රවාහන ලංගම බස් රථ ධාවනය ද සීමා කර ඇති බවයි. අන්තර් පළාත් සංචරණය සීමා කිරීම හේතුවෙන් ඇතැම් තැපැල් සේවකයින් සේවයට වාර්තා කිරීම ද සීමා කර තිබේ. නියෝජ්‍ය .තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය යටතේ උපරිම සේවාවක් ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. මේ අතර කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් මේ වනවිට ග්‍රෑන්ඩ්පාස්,කොටහේන හා හැටන් තැපැල් කාර්යාල මෙන්ම උප තැපැල් කාර්යාල 40 ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසී ය.