'Sputnik V' මාත්‍රා 1 85,000ක් ලබන සතියේ දිවයිනට

'Sputnik V' එන්නත් මාත්‍රා 1 85,000ක් ලබන සතියේ දිවයිනට

by Staff writer 18-05-2021 | 10:14 AM

COLOMBO (News 1st) : රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත් මාත්‍රා 1 85,000 ක් ලබන අඟහරුවාදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ලබන මාසයේ සිට සෑම මසකම Sputnik V එන්නත් තොග මෙරටට ලබාදීමට රුසියාව එකඟ වී ඇති බවයි.