Pfizer එන්නත මසක් ගබඩා කර තබා ගත හැකියි

Pfizer එන්නත ගැන EU ඖෂධ නියාමකයින්ගෙන් නවතම ප්‍රකාශයක්

by Sagarika Chathumali 18-05-2021 | 1:57 PM

COLOMBO (News 1st) : Pfizer කොරෝනා මර්දන එනන්ත පෙර නිර්දේශ කළ කාලයට වඩා වැඩි කාලයක් අපේක්ෂිත ශීතකරණ උෂ්ණත්වයේ තබා ගත හැකි බවට නවතම නිර්දේශයක් ඉදිරිපත් වී තිබේ.

යුරෝපා සංගම් නියාමන ආයතනය පැවසුවේ, විවෘත නොකළ කුප්පි මාසයක පමණ කාලයක් ශීතකරණයේ තබා ගත හැකි බවටයි. කෙසේ වෙතත් මීට පෙර නිර්දේශ කර තිබුණේ, - 80 ත් - 60C අතර උෂ්ණත්වයක් යටතේ එන්නත දින 5ක් පමණක් ගබඩා කර තබා ගත හැකි බවටයි. යුරේපා සම්ගම් ඖෂධ ඒජන්සියේ මෙම නව නිර්දේශය යුරෝපා සංගමයේ රටවල්වලට Pfizer එන්නත ලබා ගැනීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි, ද අපේක්ෂා කෙරේ. ලෝක ව්‍යාප්ත මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය සඳහා අනුමැතිය ලද එන්නත් අතරින් එකක් වූ Pfizer එන්නතේ තිබූ ප්‍රධාන ම  අවාසිය වූයේ එය ඉතා අඩු උෂ්ණත්වයක් තුළ ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමයි. පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය ප්‍රකාශ කළේ, Pfizer එන්නත -15 -25C ත් අතර උෂ්ණත්වයක් යටතේ සම්මත ශීතකරණයක උපරිම සති දෙකක කාලයක් දක්වා ගබඩ කර තැබීම සහ ප්‍රවාහනය කළ හැකි බවටයි. මේ අතර මෙම මාසය මුලදී කැනඩාව වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා Pfizer එන්නත භාවිතා කිරීමට අවසර දුන් අතර එම වයස් කාණ්ඩය සඳහා එන්නත භාවිත කිරීමට අනුමැතිය දුන් පළමු රට කැනඩාවයි.