සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයෙක් ප්‍රපාතයකට වැටී මරුට

සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයෙක් ප්‍රපාතයකට ඇද වැටී මරුට

by Staff writer 18-05-2021 | 11:01 PM

COLOMBO (News 1st) : කඳු නැගීමට ගිය බිබිල ,මැදගම කරමැටිය ගම්මානයේ පදිංචි තරුණයෙකු අද (17) පස්වරුවේ අනතුරකට ලක්ව මියගොස් තිබේ.

අනතුරට ලක්වු තරුණයා තවත් තරුණයින් දෙදෙනකු සමග කරමැටිය කන්ද නැගීමට ගොස් තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඔහු එම කන්දේ ගල් කුලක් මත සිට සෙල්ෆි ඡායරූපයක් ගැනීමට උත්සහා කර ඇති බවට මිතුරන් පවසන බවයි. ඡයාරූපය ලබා ගන්නා අවස්ථාවේ ඔහු ගල් කුලෙන් ලිස්සා ගොස් අඩි 80 ක් පමණ ප්‍රපාතයට වැටී තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මියගිය තරුණයා 19 හැවිරිදි අයෙකු බවයි.