පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

by Staff writer 18-05-2021 | 10:40 AM

COLOMBO (News 1st) - පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක් ජල සැපයුම අත්හිටුවයි.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසට බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.