පානදුරේදී කාන්තා බූරු පිටියක් වටලයි..

පානදුරේදී කාන්තා බූරු පිටියක් වටලයි..

by Staff writer 18-05-2021 | 9:46 PM

COLOMBO (News 1st) –  පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් අද වටලා තිබේ.

වැටලීමෙන් කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොරවින්න, මාදුපිටිය, ගොළු කොටුව වත්ත සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 48 අතර වයසේ පසුවන කාන්තාවන් පිරිසකි. ඔවුන් භාරයේ තිබූ ජංගම දුරකතන හයක් සහ බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටමක් පොලිස් භාරයට ගෙන තිබේ . සැකකරුවන් හෙට (19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. පානදුර දකුණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.