ගම්පහින් කොරෝනා ආසාදිතයින්  677ක්..

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 18-05-2021 | 9:03 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අතරින් ආසාදිතයින් 23 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි. ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ දිස්ත්‍රික්ක 23 කින් හඳුනා ගෙන තිබේ. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 677 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 320යි. ⭕ කළුතර දිස්ත්‍රික්කය – 315 යි. ⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 259 යි. ⭕ මුලතිව් දිස්ත්‍රික්කය – 255 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. වාර්තාවී ඇති ආසාදිතයින් අතරින් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 24,592 ක් වන අතර සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 119,629කි. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 981 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වූයේ, බොරලැස්ගමුව, මැදකීඹිය, වස්කඩුන, මග්ගොන, කළුතර, පයාගල, මොරටුව, අඹේපුස්ස, ගාල්ල, රඹුක්කන, පොල්ගොල්ල, ගාල්ල, කටුවන, පාදුක්ක, දඹුල්ල, දෙණියාය, හසුගස්තලාව, උඩපිටිවල, කඩුවෙල යන ප්‍රදේශවලිනි. මේ අතර අද (18) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලා (Lockdown) කර  ඇති අතර ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ 8 ක හුදකලාබව ඉවත් කර තිබේ.