ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි

ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි

by Staff writer 18-05-2021 | 2:26 PM

COLOMBO (News 1st) : ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ Covid -19 පරීක්ෂණ හා එන්නත්කරණ පර්යේෂණාගාරය විනාශ වී ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබේ.

  ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් මේ වනවිට මුළුමනින්ම පාහේ අත්හිටුවා ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගරා වැටෙන පලස්තීනයේ කොරෝනා වසංගතය උත්සන්න වීමේ අවදානමක් පවතින බව ට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ නිසා ,ගාසා තීරයේ 40,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. එක්සත් ජාතීන්ගේ ගසා සහන ඒජන්සිය ද අනතුරු අඟවන්නේ ජනතාව කූඩාරම් තුළ එක් රැස් වීමෙන් කොරෝනා වසංගතය කොරෝනාව සංගතිය උග්‍ර උග්‍ර විය හැකි බවටයි. ඊශ්‍රාල ප්‍රහාර හමුවේ ගාසාතීරයේ ළමුන් 61ක් මිය ගිය බව වාර්තා වේ. මැයි 07 දා සිට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය නිරායුද වැසියන්ගේ සංඛ්‍යාව 212කි. ඊශ්‍රායල ගුවන් හමුදා හමාස් සංවිධානයේ රහසිගත උමං මාර්ග වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග එම උමං මාර්ගවලට උඩින් පිහිටි නිවාස කඩා වැටීමේ අවදානමක් ද මතුව තිබේ. 2007දී හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු මේ උමං මාර්ග නිර්මාණය කළේ, සටන්කාමීන්ට සැඟවීමට, ආයුද ජාවාරම් කිරීමට හා පැහැර ගැනීම් සිදු කිරීමට බව ඊශ්‍රායලය පවසයි. 2017 දි ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ඇතිවූ ගැටුම්වලදී ඊශ්‍රායල හමුදා මෙම උමං මාර්ග හඳුනාගෙන තිබේ. දැන් සිදු කෙරෙන්නේ එම ස්ථානවලට පහර දීමයි. සටන් විරාමයකට අවතීර්ණ වන ලෙස ලෝක බලවතුන් ඉල්ලීම් කළ ද , ඊශ්‍රායල හා පලස්තීන පාලකයන් මෙතෙක් ඊට සාධනීය ප්‍රතිචාර දක්වා නොමැත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයට පූර්ණ සහය ලබා දෙන බවයි.