රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක්

by Staff writer 18-05-2021 | 9:40 AM

COLOMBO (News 1st) : රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පැවසුවේ, කිසියම් කණ්ඩායමක් එම වෙබ් අඩවි විකෘති කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර ඇතැයි, අද අලුයම හඳුනාගත් බව ඔහු සඳහන් කළේ ය. ඉන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇතැයි, මීගස්මුල්ල මහතා සඳහන් කළේ ය. ඔහු වැඩිුදරටත් සඳහන් කළේ, මෙහිදී දත්ත සොරා ගැනීමක් සිදුව නැතත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බවයි.