අද කොවිඩ් මරණ 34ක්.. සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

අද කොවිඩ් මරණ 34ක්.. සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

අද කොවිඩ් මරණ 34ක්.. සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

කර්තෘ Sagarika Chathumali

18 May, 2021 | 11:21 pm

COLOMBO (News 1st) : අද (18) දිනයේ මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වූ කොරෝනා මරණ අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ද වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි.

මීට අමතරව රාගම හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 38 හා 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් ද මියගිය පිරිස අතර වෙති.

වාර්තා වූ කොවිඩ් මරණවලට අදාළ නිවේදනය පහතින්…

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]