English
தமிழ்
කර්තෘ Staff writer
17 May, 2021 | 8:13 pm
COLOMBO (News 1st): පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
නිව්ස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු සුල්ෆික් ෆර්සාන් සමග සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවය.
මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.
කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී කියා සිටියේය.
මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බව ද නීතිපතිවරයා පැවසුවේය.
දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක් විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවය.
05 Jul, 2022 | 09:48 PM
05 Jul, 2022 | 06:04 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS