by Staff writer 17-05-2021 | 10:31 PM
COLOMBO (News 1st) - ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයකින් යුතු කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ බව හෙළිවුණේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීය.
මෙම කොළඹ වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා වූ පළමු අදියර අන්තර්ජාතික A ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණකින් ද, උසස් ස්තරයේ නිවාස කුළුණු දෙකකින් ද සිල්ලර වෙළඳ පීඨීකාවකින්ද සමන්විත වනු ඇති.
මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබන හෙට(18) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
කෙටුම්පත පිළිබඳ විවාදය 19 සහ 20 යන දෙදින පැවැත්වේ.
https://youtu.be/yLpbUxblU8g