ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටු

රු. ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ කාන්තාවක් මෝදරදී අත්අඩංගුවට

by Staff writer 17-05-2021 | 4:43 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහන කරමින් සිටි කාන්තාවක් මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 95ක වටිනාකමින් යුත් ⁣හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කළේය.