by Staff writer 17-05-2021 | 6:52 PM
COLOMBO (News 1st) - අයිස්, හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අදාළ පරීක්ෂාවන් සඳහා උපකරණ දෙකක් ලැබීමට නියමිත බවත් ඉන් එකකින් මුත්‍රා මගින් මත්ද්‍රව්‍ය ලබා ගෙන සිටීදැයි පරීක්ෂා කළ හැකි බවත්, අනෙක් උපකරණය මගින් ඛේටය මගින් අදාළ පරීක්ෂාව සිදු කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
ඛේටය මගින් සිදු කරන පරීක්ෂාවේදී යම් රියැදුරෙක් මත්ද්‍රව්‍යය ගෙන සිටින බව තහවුරු වුවහොත් අදාළ රියැදුරු ඉදිරිපත් කර එය තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ඇති.