ගෙවුණු දවසේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ...

ගෙවුණු දිනයේ (16) මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව මෙන්න..

by Sagarika Chathumali 17-05-2021 | 11:33 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (16) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු හඳුනා ගැනිණ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ආසාදිතයින් 63 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි ආසාදිතයින් පිරිස දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය. 1. කොළඹ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 438 යි. (වැඩිම ආසාදිතයින්) 2. ගම්පහ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 410 යි. 3. කළුතර දිස්ත්‍රික්කය – ආසාදිතයින් 241 යි. 4. ගාල්ල දිස්ත්‍රික්කය - ආසාදිතයින් 261යි. 5. නුවරඑළිය දිස්ත්‍රික්කය - ආසාදිතයින් 179 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.     ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 142,746 ක් දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 23,462 කි. කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 118322 ක් දක්වා ඉහළ ගියේ ය. පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 21 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ වාර්තා වී ඇත්තේ, ඉමදූව, මුරුත්තගමමුල, අනුරාධපුර, මොරටුව, මීරිගම, ඉංගිරිය, බුලත්සිංහල, නෑබඩ, බඳුල්ල, ගෙලිඔය, යාපනය, හඳපාන්ගොඩ, හබරාඳූව, ඇඹිලිපිටිය, නාකියාදෙණිය, ගාල්ල (මරණ දෙකයි), කඩවත, හාලිඇල, මහයියාව, දකුණු කළුතර යන ප්‍රදේශවලිනි. මේ අතර දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද (17) උදෑසන සිට හුදකලා කෙරුණු අතර දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලාබව ද ඉවත් කර ති⁣බේ.