කොවිඩ් පාලනයට රජයේ සැබෑ ඉලක්කය කුමක්ද?

කොවිඩ් පාලනයට රජයේ සැබෑ ඉලක්කය කුමක්ද?

by Staff writer 17-05-2021 | 8:34 PM
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් රජයේ සැබෑ ඉලක්කය කුමක්ද? ?දිනක ආසාදිතයින් ගණන 250කට අඩු කිරීම අපේ අරමුණයි - ජී.එල්. පීරිස් ?ආණ්ඩුව කොවිඩ් පාලනය කරනවා කියන්නේ PCR අඩු කරලා - රවී කුමුදේශ කොවිඩ් ව්‍යප්තිය පාලනය සම්බන්ධයෙන් රජය පාර්ශ්වය පෙන්වා දෙන්නේ දැනට වාර්තාවන රෝගීන් ප්‍රමාණය අඩු කිරීම තම ඉලක්කය බවය. ඒ පිළිබඳව අදහස් දැක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙලෙස සඳහන් කළේය,
"දැනට දෛනික වශයෙන් රෝගීන් බවට පත් වෙන සංඛ්‍යාව දළ වශයෙන් 2500 ක් විතර දවසකට. අපිට ඕනේ වෙලා තියෙන්නේ ඉතාමත් ඉක්මනින් ඒක 200-250 දක්වා අඩු කරලා, ඊට පස්සේ අපේ සමාජය සහමුලින්ම ඒ රෝගයෙන් බැහැර කිරීම තමයි අපේ ප්‍රයත්නය"
මේ අතර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන්නේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීමේ උත්සාහයක් ඇති බවය. ඒ පිළිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙලෙස අදහස් දැක්විය.
"සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දිනවල කරමින් ඉන්නේ, පී.සී.ආර්. ගන්න ප්‍රමාණය අඩු කරලා තියෙන ධාරිතාවට අනුව මේ රටේ වසංගතය මැච් කරන්න යනවා.මේක තමයි මාර්තු මාසේ අග සහ අප්‍රේල් මාසේ අග මේ රටේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. අදටත් පී.සී.ආර්. රසායනාගාරවලට පැමිණෙන නිදර්ශක ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ධාරිතාව වැඩි කිරීම සඳහා කිසිවක් කරන්නේ නැතුව.සමහර ඇමතිවරුන්ගේ ප්‍රකාශවල තියෙනවා මේ රෝගය තව සති දෙකකින් පාලනය වෙනවා කියලා.එතකොට මේ රෝගය තව සති දෙකකින් පාලනය වෙනවා කියලා ඒ ඇමතිවරයා කියන්නේ මොන දත්ත පදනම් කරගෙනද?
රවී කුමුදේශ් මහතා නැගූ චෝදනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාර දැක්විය. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ,
"ඊයේ දිනයේදී 27183 පහුගිය පැය 24 තුළ සිද්ධ කරලා තියෙනවා.සාපේක්ෂව බැලුවාම මේක තමා මොකද.මීට කලින් තිබුණු ප්‍රමාණය වඩා දෙගුණයක් වෙලා තිබෙනවා.අපිට අවශ්‍ය වෙන්නේ මේ රෝගීන් පල්ලෙහාට ගෙන ඒමේ ක්‍රියාවලිය වැඩි වැඩියෙන් කරලා රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු කර ගැනීම මිසක් මම හිතනවා ඉදිරියේදී එහෙම නොවුනොත් අපේ සාමාන්‍ය රජයට සහ අනෙකුත් සෞඛ්‍ය සේවායට තවත් විශාල වශයෙන් පරීක්ෂණ කිරීම සඳහා මේ ජනතාවගේ මුදල් පිටරට යැවීම තමයි සිද්ධ වෙන්නේ.අපි ඒක වැඩිකිරීම නොකරනවා නෙවෙයි.අවශ්‍ය වන්නේ ඒ තත්ත්වය වැඩිකරන්නේ නැතුව රොගීන් අඩු කිරීම හරහා අපිට පි සී ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව අඩු කර ගන්න පුළුවන්.
  https://youtu.be/aD5EHc3G-Vo