කොවිඩ් අරමුදලට ඇත්තටම මොකද වුණේ?

කොවිඩ් අරමුදලෙන් ගිලන් රථ ගැනීමේදී අනුගමනය කරපු ක්‍රමවේදය ගැන සවිස්තර දැනුමක් නැහැ - ජී.එල්. පීරිස්

by Staff writer 17-05-2021 | 9:26 PM

COLOMBO (News 1st) - කොවිඩ් අරමුදල පිළිබඳවත් මේ වනවිට පාර්ශව ගණනාවක් ප්‍රශ්න කරමින් සිටී.

ඇත්තටම කොවිඩ් අරමුදලට මොකද වුණේ? මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා "නෑ. එහෙම කිසිම වංචාවක් සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ ඒ පිළිබඳව සවිස්තර විස්තරයක් කෙරුණා. හංගන්න දෙයක් නැහැ. ඉතාමත් විවෘතව ඒ ප්‍රකාශය රජය වෙනුවෙන් කරලා තියෙනවා. " ප්‍රශ්නය - "ගිලන් රථ ලබා ගැනිමේ ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක් සිදු වුණාද?" මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා "නෑ ඒ පිළිබඳව විස්තර සහිත පිළිතුරක් දෙන්න පුළුවන්කමක් නැහැ. අනුගමනය කරපු ක්‍රමවේදය ගැන අපිට විස්තර සහිත දැනුමක් නැහැ." ප්‍රශ්නය - "ලක්ෂ 180ට ගන්න පුළුවන් ගිලන් රථයක් ලක්ෂ 190 ට අරන් තියෙනවා කියලා චෝදනා කරනවා. ඒ ගැන මොකද ඔබතුමාගේ අදහස?" මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා "චෝදනා කරන්න පුළුවන්. චෝදනාවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ තමයි ප්‍රශ්නය. ඉතින් අපි කියන්නේ මේ අවස්ථාවේදි කළ යුත්තේ අභූත චෝදනා නැගීම නෙවෙයි. සියලුම දෙනාම මේක ජාතික උපද්‍රවයක් විදියට සලකලා මේකෙන් ගොඩ ඒම සඳහා පූර්ණ සහයෝගය මිස අසත්‍ය ආසාධරණ චෝදනා එල්ල කිරිම මම හිතන්නේ නෑ මේ අවස්ථාවේදී අපේ ජනතාව කිසිසේත්ම අගය කරන්නේ නැහැ." සාගර කාරියවසම් මහතා " මේ කොවිඩ් අරමුදලේ හැම සතයක්ම වියදම් කරපු ආකාරය, වියදම් කරේ කොයි විදියටද? මොනවටද කියන කාරණය මේ රටේ ජනතාවට භාර දෙනවා කියන පොරොන්දුවේ අපි අදටත් ඉන්නවා"   https://youtu.be/cbbkCujK8Fo