එන්නත ගේන්න උවමනාවක් තිබ්බේ නෑ

එන්නත ඇණවුම් කිරීමට ආණ්ඩුවට උවමනාවක් තිබ්බේ නෑ - පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි

by Staff writer 17-05-2021 | 10:01 PM

COLOMBO (News 1st) - එන්නත් ක්‍රියාවලිය හරහා කොවිඩ් වසංගතයට මුහුණදීම රජයේ සැලසුම බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. "ප්‍රධාන වැඩපිළිවෙළ වෙන්නේ එන්නත්කරණය. හැබැයි අපි රජයක් හැටියට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා මේ එන්නත් ලබා ගැනීමට.ඒ කියන්නේ අපි අදාළ ආණ්ඩු සමග සාකච්ඡා කරනවා.ඒ වගේම මේවා සපයා දෙන සමාගම් එක්කත් අපි සමාන්තරව සාකච්ඡා පවත්වා ගෙන යනවා." නමුත් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසන්නේ එන්නත ඇණවුම් කිරීමට ආණ්ඩුවට උවමනාවක් නොතිබූ බවය. එන්නතක් හැදූ පලියට එය ඇණවුම් කළ නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.   https://youtu.be/lZEkW_E9fQ4