ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට දියරයක්..

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට දියරයක්: එරට හදිසි භාවිතයටත් අවසර

by Staff writer 17-05-2021 | 1:50 PM

COLOMBO (News 1st) : කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් දියරයක් නිෂ්පාදනය කර තිබේ.

හදිසි භාවිතය සඳහා ඊට ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බව වාර්තා වෙයි. මේ ඖෂධය ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකියි. මෙම ඖෂධය හඳුන්වන්නේ ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් හෝ ටූ ඩී ජී ලෙසය. මෙම නව ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කර තිබේ. මෙම ඖෂධයෙන් වෛරසය ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයින් පෙන්වා දෙයි.