විශ්ව රූ රැජිණ ඇන්ඩ්‍රියා මේසා...

ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පළඳී

by Staff writer 17-05-2021 | 3:12 PM

COLOMBO (News 1st) - මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්‍රියා මේසා, මෙවර විශ්ව රූ රැජිණ තරගාවලියේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය.

මෙවර විශ්ව රූ රැජිණ තරගය පැවැත්වුණේ 69 වන වරටයි. 26 හැවිරිදි මෙක්සිකොවේ ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළේ, ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න් දෙනෙකු අභිබවමිනි. මෙම තරගාවලියේ අනුශූරතාවය බ්‍රසීලයේ ජූලියා ගාමාට හිමි වූවාය. 69 වැනි විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි. මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදීය.