ඩිජිටල් හැඳුනුම්පත නැත්නම් වැක්සින් වදින්නේ නැද්ද?

"අලුත් අවුරුදු පොකුර නිර්මාණය කළේ ආණ්ඩුව, ලංකාවත් කනත්තක් කරන්න ද සූදානම් වෙන්නේ? " - පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි

by Staff writer 17-05-2021 | 8:32 PM
COLOMBO (News 1st): කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ආණ්ඩුව හිතාමතාම ජනතාවට මාරයා කැඳවා දුන් බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පවසයි. රට තුළ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළේය.
"මේ පනත සම්මත කිරීම සඳහා ආණ්ඩුව හිතාමතා ජනතාවට මාරයා කැන්දවලා දුන්නා. මේ අලුත් අවුරුදු පොකුරක් නිර්මාණය කළේ ආණ්ඩුව හිතාමතා මේ වගේ තක්කඩි කුහක, ජඩ, නීච පාලකයෝ එදා විශාලා මහා නුවර මිනී කනත්තක් කළා වාගේ අද ශ්‍රී ලංකාවත් මිනි කනත්තක් කරන්න සූදානම් වෙනවා. මේ වෙලාවේ මේ පනත හදිස්සියේ පාර්ලිමෙන්තු ගෙන්න ඕනේද? එක ලංකාවේ පැතිරෙන මේ කොවිඩ් එක පාලනය වෙනවද එක ගෙනැල්ලා සම්මත කළාම එකෙන් ජනතාවට එන්නත ලැබෙනවාද ? මේකෙන්ද එන්නත ලැබෙන්නේ අපි කියනවා ඔය මහා දේශප්‍රේමි අකාරයෙන් හැසිරිච්ච ඔය මහා ලොකු හැම කෙනාටම මේකට අදාල කරන විවාදයේදී මේක විරුද්දව කරුණු දක්වන්න ගමට එන්න සූදානම් වෙන්න එපා අපි ජනතාවට කියනවා ගන්න කොස්ස ඉදල. අධිවේගී මාර්ග ආරම්භ කරනවා ඒ වගේම ජිම් ආරම්භ කරනවා ඒ වගේම ඩිජිටල් හැඳුනුම්පතක් මොකක්ද මේ වෙලාවේ ඩිජිටල් හැඳුනුම්පතක තියෙන අවශ්‍යතාව. එක නැත්නම් අපේ ඇගේ වැක්සින් එක වදින්නේ නැද්ද ඩිජිටල් හැඳුනුම්පත තැත්නම් ගමේ ඉන්න ග්‍රාම නිලධාරී දන්නවා ගමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව ඕන තරම් ඡන්ද නාමලේඛනයක් තියෙනවා මොකටද ඩිජිටල් හැඳුනුම්පතක්. මොකක් පරික්ෂා කරන්නද මේ පිසාචයෝ මේ මූල්‍ය පෙරේතයෝ මේවට වහා වැටෙනවා. මේ ඒ ජාතියේ මූල්‍ය පිසාචයන්ගේ වැඩ මේවා. හිට්ලර් කෙනෙක් වෙලා හරි රට පාලනය කරන්න කිව්වා. දැන් අපි අහනවා නායක හාමුරුවනේ ඔබවහන්සේ කියපු හිට්ලර් දැන් මේ රට පාලනය කරනවාද?''
https://youtu.be/sgQZkm4A9VQ