
ගෙවුණු දිනයේ (16) මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව මෙන්න..
ගෙවුණු දිනයේ (16) මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව මෙන්න..
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (16) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු හඳුනා ගැනිණ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ආසාදිතයින් 63 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි ආසාදිතයින් පිරිස දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය.
1. කොළඹ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 438 යි. (වැඩිම ආසාදිතයින්)
2. ගම්පහ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 410 යි.
3. කළුතර දිස්ත්‍රික්කය – ආසාදිතයින් 241 යි.
4. ගාල්ල දිස්ත්‍රික්කය – ආසාදිතයින් 261යි.
5. නුවරඑළිය දිස්ත්‍රික්කය – ආසාදිතයින් 179 යි.
අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 142,746 ක් දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 23,462 කි.
කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 118322 ක් දක්වා ඉහළ ගියේ ය.
පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 21 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ වාර්තා වී ඇත්තේ, ඉමදූව, මුරුත්තගමමුල, අනුරාධපුර, මොරටුව, මීරිගම, ඉංගිරිය, බුලත්සිංහල, නෑබඩ, බඳුල්ල, ගෙලිඔය, යාපනය, හඳපාන්ගොඩ, හබරාඳූව, ඇඹිලිපිටිය, නාකියාදෙණිය, ගාල්ල (මරණ දෙකයි), කඩවත, හාලිඇල, මහයියාව, දකුණු කළුතර යන ප්‍රදේශවලිනි.
මේ අතර දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද (17) උදෑසන සිට හුදකලා කෙරුණු අතර දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලාබව ද ඉවත් කර තිබේ.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි