දානපතියන්ගෙන් සුදර්ශනී ඉල්ලීමක් කරයි..

ICU ධාරිතාව වැඩි කරන්න රටේ දානපතියන්ගෙන් සුදර්ශනී කළ ඉල්ලීම..

by Staff writer 16-05-2021 | 8:17 AM

COLOMBO (News 1st): කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන්නැයි, රජය පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටී.

රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජින් හා ICU ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය උපකරණ සඳහා සුළු හෝ සහයෝගයක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රටේ දානපතියන්ගෙන් ඉල්ලීමක් කළාය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රධානීන් මගින් හිඟ උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවය. මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සහයෝගයක් ලබා දෙන්නේනම් එය ඉතා වටිනා උපකාරයක් බව ද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. https://www.youtube.com/watch?v=dO4QhlNeL-c