by Staff writer 16-05-2021 | 9:32 PM
COLOMBO (News 1st) - මුළු දිවයිනටම අදාළ වන පරිදි දින 03ක් පුරා පැවති ගමන් තහනම හෙට(17) යම් සීමා කිරීම්වලට යටත්ව ඉවත් කෙරේ.
ඒ අනුව තවදුරටත් පළාත් අතර ගමනාගමනය සිදු වන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.
සෑම දිනකම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා ඇති ගමන් තහනම ද මැයි 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
මේ අතර හෙට සිට ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැහැදිලි කළේය.