by Staff writer 16-05-2021 | 9:30 PM
COLOMBO (News 1st) - හමාස් සංවිධානයේ නායකයා ඉලක්ක කර ඊශ්‍රායලය අද(16) ගුවන් ප්‍රහාර එල්ල කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් හමාස් නායක යෙහියා අල්-සින්වර්ගේ නිවස විනාශ වී ඇති බවය.
ඊශ්‍රායලය අද එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් 33දෙනෙකු මිය ගියේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහල් නිවාස 02ක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති බවය.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර 07 වැනි දිනටත් අද ගැටුම් ඇති වූ අතර, මේ දක්වා පාර්ශව දෙක අතර දරුණුම ප්‍රහාර අද එල්ල වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ගැටුම් ආරම්භ වූ පසුගිය සඳුදා සිට මේ දක්වා කාලය තුළ පලස්තීනුවන් 170 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඉන් 41 දෙනෙකු ම ළමුන් වේ.
ඊශ්‍රායලයෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වන අතර, ඉන් දෙදෙනෙකු ළමුන්ය.
මේ අතර දේශපාලන විචාරකයින් පවසන්නේ ඊශ්‍රාලය සහ පලස්තීනය අතර පවතින ගැටුම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතිනියාහු බලයේ රැඳී සිටීම සඳහා කරන උපක්‍රමයක් බවයි.
මේ අතර ගාසා තීරයේ අල් ජසිරා සහ ඇසෝෂියේටඩ් ප්‍රෙස් මාධ්‍ය කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සංගමය දැඩි කණස්සල්ල පළ කර තිබේ.