by Staff writer 16-05-2021 | 9:36 PM
COLOMBO (News 1st) - රැස්වීම් සඳහා සහභාගිවීමට එකඟ වන්නේ නම්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා කැඳවීමට තීරණය කර තිබෙන පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මේ වනවිට අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කරන රිෂාඩ් බදියුදීන් මහතා රැස්වීම් සඳහා සහභාගි වීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ, කතානායකවරයා ලබා දී ඇති නියෝග අනුව පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
මීට අමතරව බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා රැස්වීම් සඳහා සහභාගි වීමට එකඟත්වය පළ කරන්නේ නම් පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට අදාළ කතානායක නියෝගය ඇතුළත් ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බව ද පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට රැගෙන ආ යුත්තේ, දැනට රජය විසින් පනවා ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පමණක් බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.