5000 සහන මල්ලේ අඩංගු භාණ්ඩ ලැයිස්තුව මෙන්න....

හුදකලා සහ නිරෝධායනය කළ පවුල්වලට දෙන සහන මල්ලේ අඩංගු බඩු ලැයිස්තුව මෙන්න

by Sagarika Chathumali 15-05-2021 | 4:43 PM

COLOMBO (News1st) : කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 5,000ක වටිනාකමින් යුත් භණ්ඩ සහිත සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනය කළේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම සහන මල්ලට ද්‍රව්‍ය 20ක් ඇතුළත් බවයි. සතොස ආයතනය හරහා ලබා දෙන මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශවලට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කරනු ඇති. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසල් ජාලය විවෘතව තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

සහන මල්ලේ අඩංගු භාණ්ඩ ලැයිස්තුව මෙසේ ය.

1. සුදු නාඩු සහල් 10kg 2. රතු කැකුළු සහල් 5kg 3. පාන් පිටි 3kg 4. අල(දේශීය) 3kg 5. රතු පරිප්පු 2kg 6. සුදු සීනි 1kg 7. දුඹුරු සීනි 1kg 8. බී ඵෑණූ 3 kg 9. හාල්මැස්සන් 500 g 10. නුඩ්ල්ස් 1 kg 11.දෙවැනි බත පැකට් 1 යි (350 g) 12. තේ කොළ 200 g 13.මිරිස් කුඩු 200 g 14. සෝයා මීට් 90g පැකට් 02 15. ගම්මිරිස් 100g. 16. ලුණු කැට 1 kg. 17. බිස්කට් පැකට් 1 යි (500g) 18. බිස්කට් පැකට් 1 යි (350g) 19.මුහුණු ආවරණ 10 යි. 20. විෂබීජ නාශක දියර 100ml