රෝග ලක්ෂණ නැති ආසාදිතයින් නිවෙස්වල නියාමනය කෙරේ

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වලදීම නියාමනයට පියවර - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 15-05-2021 | 5:14 PM

COLOMBO (News 1st) - රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් ලබන 17 වැනි සඳුදා සිට නිවෙස්වලදීම නියාමනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, එලෙස නිවෙස් තුළ නියාමනය කෙරෙන කොවිඩ් ආසාදිතයින්ට යම් සංකූලතාවක් ඇති වුවහොත් වහා රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවය.