150,000කගේ විදුලි සැපයුම ඇන හිටී

මහ වැස්ස නිසා පාරිභෝගිකයින් 150,000කගේ විදුලි සැපයුම ඇන හිටී

by Staff writer 15-05-2021 | 10:20 PM

COLOMBO (News 1st) - විදුලි පාරිභෝගිකයින් 150,000කට විදුලි බලය ඇන හිට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග සිදුවූ ගස් කඩා වැටීම් හේතුවෙන් විදුලිය සැපයුමට බාධා මතුව ඇති බවය.