අයහපත් කාලගුණික තත්ත්වය නිසා පුද්ගල මරණ 04ක්

මහ වැස්සෙන් පුද්ගලයින් 42,252කට පීඩා: 04 දෙනෙකු ජීවිත අහිමි වෙයි

by Staff writer 15-05-2021 | 6:22 PM

COLOMBO (News 1st ) - වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 42,252කට පීඩා සිදුව තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවාස 546කට වැසි සහිත කාලගුණය හේතුවෙන් අර්ධ හානි සිදුව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.