පාස්කු ප්‍රහාරය:නීතිපතිගෙන් දැනුම්දීමක්

පාස්කු ප‍්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට සිය ධුර කාලය තුළ හැකියාවක් නැහැ. - නීතිපති

by Staff writer 15-05-2021 | 10:24 PM

COLOMBO (News 1st) - සිය ධූර කාලය තුළ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා මහජනතාවට දැනුම් දී තිබේ.

නීතීපති දප්පුල ද ලිවේරා මහතා පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බැවින් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව චෝදනා සහ අධිචෝදනා ඉදිරිපත් කිරීමට තමාට හැකියාවක් නොමැති බවය. https://youtu.be/OFbWxjN03rU