කොවිඩ් අස්සේ මත්පැන් විකුණූ කාන්තාවක් දැලේ..

නිරෝධායන නීති කඩ කරමින් මත්පැන් විකුණූ කාන්තාවක් දැලේ..

by Staff writer 15-05-2021 | 12:51 PM

COLOMBO (News 1st) : මහව ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු සහ බියර් අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇයගේ නිවසේ තිබී අරක්කු බෝතල් 38ක් , බියර් බෝතල් 98ක් හා හිස් බියර් බෝතල් 90 ක් සිය භාරයට ගත් බවය. 44 හැවිරිදි සැකකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය අද මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.