Covid:බන්ධනාගාර රැඳවියන් ගැන තොරතුරු කේන්ද්‍රයක්

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගැන තොරතුරු කේන්ද්‍රයක්..

by Chathurika Jayasundara 15-05-2021 | 2:32 PM

COLOMBO (News 1st) : බන්ධනාගාරයෙන් හමුවන කොවිඩ් ආසාදිත රැඳවියන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳ තොරතුරු විධිමත්ව හා නිවැරදිව ඔවුන්ගේ ඥාතීන්ට ලබා ගැනීම සඳහා කොවිඩ් තොරතුරු කේන්ද්‍රයක් බන්ධනාගාර මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

මෙහිදී බන්ධනාගාරගතව සිටින තම ඥාතියා කොවිඩ් ආසාදිත රැඳවියෙක් නම්, ඔහු පිළිබඳ තොරතුරු අවශ්‍ය අය හට 011 4 677 101 දුරකතන අංකය ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතී. එහිදී රැඳවියා රඳවා සිටි ආයතනය, PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ දිනය හා දැනට ප්‍රතිකාර ලබමින් සිටිනා ප්‍රතිකාර මධ්‍යස්ථානය යනාදී කරුණු දැනගැනීමට හැකි ය. මීට අමතරව එම රැඳවියා රඳවා සිටි බන්ධනාගාරයෙන් ද ඔහු පිළිබඳ එම තොරතුරු ලබාගැනීමට හැකි අතර ඒ සඳහා එම බන්ධනාගාරයේ දුරකතන අංකයන් http://prisons.gov.lk/web/ යන බන්ධනාගාර වෙබ් පිටුවෙන් ලබාගත හැකි වේ. බන්ධනාගාර ආයතන දුරකතන නාමාවලියට පිවිසෙන්න.. ?http://prisons.gov.lk/old_web/Telephone_index/Teleprisons_sinhala.html